චතුරංගි හර්ශිකා 3 years ago 134 4 6

Nisadas Image

ලාංකික මිනිසාට උරුම සංස්කෘතිය දායාද කළ අහිංසක හිත අපූරු දායාදයකි.


කන්නගිය කෝවලන් හට
අප්‍රමාණව කළා වූ
පවිත්‍ර ප්‍රේමයෙන්
පඩි පුරක් ගිනි තැබුවා ය

දේවත්වයට පත් ඈ
අද පවා දනන්ගේ
භක්ත්‍යාදරයට පත්
දෙවගනක් වූවා ය

පතිනි මෑණියන්ගේ
ඒ උතුම් බලයෙන්
විශ්ව ආශිර්වාද පූජාවකින්
නූතන මිනිසා රටට සෙත් පැතූහ

අහිංසක හීනවල
හදවත් පුරවාගත් බලාපොරොත්තු
ආදරණීය ලාංකිකයන්ගේ
හෘදයංගම හදවත මවන කැඩපතක් විය

එදා රතන සුතුරෙන්
විශාලා මහනුවර තුන්බිය නැසූ
ධර්මයේ මහා බලයෙන්
රටට සෙතක් වේවා යි අපි අදත් පැතුවෙමු

හදවත් පිරුණු වේදනා මකන්නට
නූතන කිසා නැගෙනිය
නොමල ගේකින් අබ හොයන්නට
නුඹ තනිව යා යුතු නැත

සංස්කෘතිය දෝතින් රැගෙන
අදිසි හස්තයන්හි පිහිට පවා සොයා
හැබෑවටම අපි යමු
මේ අහිංසක හීන ලස්සනයි තවම

මම,
චතූ

Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago ❤️❤️❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Geethanjalee ? 3 years ago Lassanai akki ❤️?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි චතු

චතුරංගි හර්ශිකා 3 years ago Thanks chathu ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps