චතුරංගි හර්ශිකා 3 years ago 153 4 4
ඊළගට මම සතුටු විය යුතු වේලාව! ඒත්...මගෙ හිත...මම දන්නෙ නෑ ඒකට මොනවද වෙලා තියෙන්නේ කියලා... පොත්, සටහන්, පෑන්, පැන්සල්, අකුරු, පාට, ප්‍රශ්න පත්‍ර මේ සියල්ලෙන් එපිට ලෝකයක් තිබිලා.
ඒ ලෝකෙ ළමයි උදේට දහයට එකොළහට ඇහැරිලා... නිවාඩු කාලෙට පුරන් කුඹුරු යායවල්වල සරුංගල් අරගෙන දුවලා, වෙල පහළ දෙණිය ළග පුංචි ඇළේ එකා පිට එකා වැටිලා නාලා... හෙම්බිරිස්සාව හැදිලා හොටු දත් දෙකක් වගේ නහයෙන් එනකොට පවා කැලේ පුරාවට මා දං හොයන්න දුවලා... කෙසෙල් කොළ හෙවිල්ලපු සෙල්ලම් ගෙවල්වල ලස්සන පොඩි මුට්ටි වල සෙල්ලම් බත් උයලා...දෙවියනේ...
මේ කොහේ තිබුණ ලෝකෙද...
මම අගහරු වලින් පාත් වුණ එකෙක්ද? මේ ගෙවුණු කාලෙ ඇතුළෙ මගෙ ළමා කාලෙම දියවෙලා. මට පුළුවන් සෙල්ලම් බත් උයන්න. කොස් කොළ ඔටුනු දාගෙන රජ වෙන්න. ඒත් දැන් මම ඒකට ලොකු වැඩියි. ඇත්තටම හිසට ඔටුනු හොයන්න ගිය ගමනේ පුංචි උන් දැකපු හිනාව මට අහිමි වෙලා. ඒ හිනාව ඇතුලෙ උන්ගෙ බැදීම් මගෙන් ඈත් වෙලා. මම මේ ලෝකෙට ආගන්තුකයෙක් වෙලා...
මට සතුටක් නෑ. ඔක්කොම සාර්ථක විදිහට අවසන් වෙලා.
ඒත් මම... හුදෙකලා වෙලා...මම ලස්සන හීන දැකපු ලෝකෙන් එපිට තිබුණු දේදුනු පාට සුරංගනා කතා මට මගහැරිලා...
Deesha(දීෂා)❤️ 3 years ago ම්ම්ම් ඔව් අපි හැමෝටම එහෙමයි අක්කි ?
ශශී❤️? 3 years ago අනේ ඇයි ඒ ?
Geethanjalee ? 3 years ago Chuuti kaaleta ynn thibb nm?
චතුරංගි හර්ශිකා 3 years ago Hmm?