චතුරංගි හර්ශිකා 3 years ago 184 4 4
ජීවිතේ මොකුත්ම නොදන්න පුංචි ම අවදියේ, ජීවිතේ ගැන ගොඩක් හීන තිබුණා. පළවෙනි හීනෙ පහේ ශිෂ්‍යත්වය. ගෙදරින් දුන්නු පීඩනය, පාසලෙන් දුන්නු පීඩනය, යාළුවො, අහල පහල උදවිය, නෑදෑයො, දෙවියනේ...මේ හැමෝම එකතුවෙලා දුන්න පීඩනේ හැටියට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න නෙවෙයි. මං අංගොඩ ඉන්නයි ඕනි.
පේපර් එකකට ලකුණු අඩු වුණාම, ගේ ඉස්සරහ අඩි පාරේ දණ ගහගෙන හිටපු වාර අනන්තයි. හමුදා නීතිය අකුරටම ගෙදරටත් ක්‍රියාත්මක කරපු අපූරු තාත්තෙක්ගෙ දුවක් වෙච්ච මට පිස්සු නොහැදි ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.
මම ශිෂ්‍යත්ව විභාගය පාස් වුණා. හරි සතුටුයි හැමෝටම. මටත් සතුටු හිතුණා. මේ පොර පිටියෙන් නිදහස් වීම ගැන! කොහොමින් කොහොම හරි ලොකු ඉස්කෝලෙකට යන්න අම්මලගෙ හීනෙට ඔන්න මම එදා පාට ගෑවා. ඒ හැරෙන්න මට මගහැරුණු ළමා විය, මට මගහැරුණු කෝම්පිට්ටු, සෙල්ලම් ගෙවල්, යාළුවො...මම ඒවා ගැන හිතුවේ නෑ. ඇත්තටම මට එහෙම හිතන්න තරම් තේරුමක් තිබුනේ නෑ. කාලෙ ගතවුනා. පොත් පත් අතරෙ, දැඩි විනය නීති අතරෙ තාත්තගෙ හීනවලට පාට ගානවා මිසක් මට මගෙම හීන තිබුණෙම නෑ. ඔහොම ටික ටික දවස් ගෙවුණා...
ඊළග කොටස ඊළගට
Deesha(දීෂා)❤️ 3 years ago Oh ✍️❤️
ශශී❤️? 3 years ago ?❤️
Geethanjalee ? 3 years ago ??
චතුරංගි හර්ශිකා 3 years ago Hmm?