චතුරංගි හර්ශිකා 3 years ago 139 4 10

Nisadas Image

ලෝකයම දැන් නූතනයේ විශාලා මහනුවරකි.

වසංගතයෙන් එකා පිට එකා මියැදි කල නූතන කිසාවෝ තැන තැන හඩා වැටෙති.

-මා කුමක් පවසම් ද?

ආදරණීය කිසා
මමත් එන්නම්
නොමල ගේකින්
අබ හොයන්නට...

ජීවිතේ නෙක
පැතුම් අතරේ
හීන බොදවී
මියැදිලා ඇත...

එකා දෙන්නා
මියෙන මොහොතක
කලු නිකක් හෝ
හොයන්නට එමි...

නුඹේ දරුවා
අහිමි මොහොතක
මමත් ඒ දුක
බෙදා ගන්නෙමි...

බුදුන් අභියස
හඩා වැටෙමුව
බුදුන් නැති ඒ
බුදු කුටිය තුළ...

බුදුන් පිළිරුව
ළග දණින් හිඳ
පතමු පැතුමක්
අහස විනිවිද...

හඩා වැටෙනෙමු
දම් සරන ළග
අනියතයි ලොව
උපන් අප හැම...

බුදුනි අම නෙත
යොමා ලොව වෙත
දනන් තැන තැන
වැලපෙනා විට...

ලොවම නිවමින්
රෝග පීඩා
නසාලනු මැන
සනසමින් සත...

අහිංසක හිත්
පැතුම් අතරේ
තවරලා දුක
බලා ඉමු තව...

- චතූ✍

Comments (10)

Deesha(දීෂා)❤️ 3 years ago Hmm අත්තමයි දරුණු වසංගතයෙන් පීඩා විඳින ලෝක සත්ත්වයින් සුවපත් වේවා......

Deesha(දීෂා)❤️ 3 years ago පත්තිරුව ලෙස සිතා මේ බිම නුඹේ තෙලිතුඩ හැසිරුවා ප්‍රේමයම ⁣පමණක් නොවෙයි නුඹ හැමදෙයම මෙහි කවි කලා...

Deesha(දීෂා)❤️ 3 years ago පුදුමයක් කවිකාර හදවත බොහෝ සිත් මන්මත් කලා නුඹ යනෙන මඟ දහස් ගණනින් සුවඳ කුසුමන් පිපේවා.....

Deesha(දීෂා)❤️ 3 years ago හැම නිසදැසක්ම, හැම කවියක්ම හරිම ලස්සනයි දිගටම ලියන්න......

චතුරංගි හර්ශිකා 3 years ago ඔයාගෙ වචන ටික ලස්සනයි ගොඩක්. ස්තූතියි දීශා?❤

ශශී❤️? 3 years ago ලෝකයේ හැමෝටම මේ වසන්ගතයෙන් මිදෙන්නට හැකිවේවා.තෙරුවන් සරණයි ..

ශශී❤️? 3 years ago ලස්සනයි නිසදැස චතූ❤️ දීශා ඔයාගේ කවියත් ලස්සනයි?

Geethanjalee ? 3 years ago Stay safe all ?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ??

Deesha(දීෂා)❤️ 3 years ago ❤️❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps