චතුරංගි හර්ශිකා 3 years ago 183 4 5

Nisadas Image

ආදර කතා

ශ්රේක්ට ෆියෝනා ආදරේ කළා
රාක්ෂයෙක්ට ආදරේ කරන්න
කුමාරිකාවකට බැරි නෑ කියලා
සුරංගනා ලෝකෙටම ඒත්තු ගැන්නුවා

සදාකාලිකව සුන්දර කුමරියක් වෙන්න
දෛවයෙන් උරුම වුණු අවස්ථාව
රාක්ෂයෙකූගේ ආදරේ ඉස්සරහදි
දෙපාරක් නොහිතා සතුටින් අත්හැරියා

ජීවිතේ හමුවුන හමුවීම් අතරේ
වංචාවක් නැති සරල හිත්වලට
මොන කතාවෙත් අන්තිමට
දෛවය හැබෑ ආදරේ උරුම කළා

රාක්ෂ මුහුණක් පිටු පසින්
ආදරණීය හදවතක් දකින්න
සුරූපී කුමරියකටත්
සංවේදී හැගීම් තිබුණා

ජීවිතේ දකින දෙයට ඇතුලතින්
හැබෑවටම හදවතටම ආදරේ කරපු
බියුටි සහ බීස්ට්ලා
සුරංගනා ලෝකෙ පුරා ම හිටියා

ඒ හැම තැනකදිම
විරූපී මුහුණ පිටුපස
සුරූපී හදවතක්
සිකුරු තරුවක් වගේ දිළිසුණා

ඒකයි වැදගත්ම දේ
දන්නවද හැබෑ ආදරේ ළග
ඇස් දෙකට පේන බාහිර පෙනුම
තුට්ටුවකට මායිම් නොවුණා

සුරංගනා කතාවලට මෙහා ලෝකෙත්
අවංක හදවත් නිරන්තර
සදානන්ද බැදීමකින්
ලස්සනට තදට බැදිලා තිබුණා

හැබෑවටම ආදරේ ගැන
නේක විධ කතාන්දර
අතීතයේ සිටම වර්තමානයට
හැමදාම ලියවෙමින් තිබුණා

මම,
චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ම්ම්ම් ❤️❤️ ලස්සනයි අක්කි

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ?❤

ශශී❤️? 3 years ago ලස්සනයි ?

Geethanjalee ? 3 years ago Lssnai godaaaaaaaaaaaakkk ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thank you ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps