චතුරංගි හර්ශිකා 3 years ago 195 5 5

Nisadas Image

හිමි අහිමි හීන

දෙලොවටම නැති හීන පාට කරන්න
අගුරු කෑලි හොයන මිනිස්සු අස්සෙ

අඩුපාඩු දාහක් තියාගෙන
ජීවිතේ හොයන උන් ඉන්නවා

හීන මිය යනකොට නෙත් අස්සෙ
හිනාවෙලා මූණ දෙන්න හයිය උන්ට තියෙනවා

එක දෙයක් නැතිව එකෙක් අඩනකොට
නැති දේවල් ගොඩක් මැද

එක දෙයක් තියාගත්ත එකෙක්
කොල පුරාවට ජීවිතේ අදිනවා

තරාතිරම මොනවා වුණත්
පණ ගැහෙන හැම හිතක් ඇතුලෙම

අහසක් උසට පාට තවරපු
හීන දකින මනුස්සයෙක් ඉන්නවා

අහසම කඩා වැටුණත්
සහසක් පැතුමන් හිත පුරවන්

අඩුපාඩු වහගන්න
මදිපාඩු නැතුව මහන්සිවෙන උන් අතර

අඩුපාඩු නැති වෙලත්
මදි පාඩු හොයන උනුත් ඉන්නවා

කලු සුදු හීන පාට කරන්න
හිතේ හයියෙන් හුස්ම පිඹින අතරතුර

ජීවිතේ අහිමි හීනවලට
හිමිකම් කියන උන් ගැන මට පුදුමත් හිතෙනවා

මම,
චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ම්ම්ම් ගොඩක්ම ලස්සනයි ✍️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ??

ශශී❤️? 3 years ago ම්ම්ම් ❤️?❤️

Geethanjalee ? 3 years ago අර්ථවත් අක්කි❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps