චතුරංගි හර්ශිකා 3 years ago 279 4 5

Nisadas Image

මිත්‍රත්වය

ළගින් උන්නත්
හැබෑවටම ළෙංගතුකම් නොතිබුණු

මුණ ගැහුනත්
මූනිච්චාවට පමණක් හිනාවුණු

හිතට ළං නොවී
පිට පොත්ත මත මිතුරුකම තීරණය කෙරුණු

ඇයි හොඳයියෙන් එහා
හෘදයංගම බැදීමක සුවඳක් නොවුණු

හිත රිදෙන අඩු ලුහුඬු
වචන අතරේ ම තැවරු

පුදුම මිතුරන් හැරෙන්නට
අඹ යහළුවන් ලොව අඩුයිලු

පණට පණ සේ
ජීවිතේ බෙදා වැළදු

දේවත්වයට එහා මිත්‍රත්වයට
හදවතින් පණ පෙවුණු

හදවතින් ම
මිතුරුකමට සිත් බැඳුණු

ළෙංගතු මිතුරන් හරි හිගයි
පණට පණ සේ යටි හිතින් ළග රැදුණු

මම,
චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago අනිවාර්යයෙන්ම ගොඩාක් ලස්සනයි

චතුරංගි හර්ශිකා 3 years ago Mm.. thanks ❤

ශශී❤️? 3 years ago ඒක නම් ඇත්ත ලස්සනයි ❤️

Geethanjalee ? 3 years ago I have a lot of experience with that??

චතුරංගි හර්ශිකා 3 years ago Hmm... thanks





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps