චතුරංගි හර්ශිකා 3 years ago 175 4 5

Nisadas Image

ජීවිතේ

ජීවිතේ නෙක ගැහැට
විදින්නට සිදුවෙයිලු

ලැබෙන නොලැබෙන හීන
දකින්නට උරුමයිලු

පතන යම් දෙයක් වෙද
එය නියත නැති වෙයිලු

පුදුම මේ ලෝකයේ
දුක් ගැහැට එමටයිලු

සසල හිත් මලට වට
පිණි කදුළු හුරු වෙයිලු

අහස සේ දුක දරා
හිනැහෙන්න සිදු වෙයිලු

අපේ නමිනුත් මතක
කතාවක් ලියවෙයිලු

නිහඩ නෙතගට පවා
සිනහවක් නියතයිලු

මම,
චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago හරිම ලස්සනයි හදවතට දැනෙනවා ❤️

චතුරංගි හර්ශිකා 3 years ago Thanks ??

ශශී❤️? 3 years ago ❤️❤️❤️

Geethanjalee ? 3 years ago අක්කියෝ ඔයාගෙ චිත්‍ර හරිම ලස්සනයි. කවිත් ගොඩක් ලස්සනයි ❤️?

චතුරංගි හර්ශිකා 3 years ago Thanks dr?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps